නිර්ධන පංතිය නිදහස වෙනුවෙන් දිවි පිදූ චේ

ලොව සිටින විප්ලවවාදීන් සහ ජාත්‍යාන්තරවදීන් පිලිබදව අවදානය යොමු කිරීමෙදී චේට හිමි වන්නේ ඉහල ම ස්ථානයකි..1928.07.14 වන දින අර්ජන්ටිනාවේ රොසයිරෝ ඩිලෆේහිදී චේ උපත ලබා ඇත.196710.9 දින බොලිවියාවෙ ලාගියුවේරා නැමෙති ගමේ පිහිටි කුඩා පාසලක පංති කාමරයක් තුලදී රහස් ඔත්තු සේවයේ නිලධාරීන් හා බොලිවියානු හමුදා ප්‍රධානීන් විසින් චේ මරා දමන ලදි.
මේ වන විට මේ පුංචි මිනිසා තමා විසින් කල කැපවීම හා සේවය පිලිබදව තෘප්තිමත් විය හැකි දුර්ලභ මිනිසෙකුගේ තත්වයට පත්ව සිටියේය.අද වන විට සමජවාදී කදවුර ඇමෙරිකානු අනසකට මුලු ලොවම නතු වී ඇති චේද සම්මාදම් වී ගොඩනැගුනු ලෝකය ජාත්‍යන්තරවාදී ප්‍රශ්න හමුවේ ජයග්‍රහනය කල යුතු බොහෝ දේ ජය ගැනීමට සමත් වූයේ නැත..එසේ හෙයින් චෙ වැනි මිනිසුන්ගේ දායකත්වය එදා මෙන් අද කාලයටත් වෙදගත් බව සදහන් කල යුතුය.
ලොව පුරා සැරිසරමින් ලොව පීඩිත ජනතාව ඇසුරු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න වටහා ගනිමින් තම විප්ලවාදී අධ්‍යාඅපනයේ නිම්වලලු පුලුල් කරගත් චේ අද වන විට ජාත්‍යන්තර තත්වයට සාපේක්ෂ ව තම විප්ලවය භාවිතා කර ගැනීමට සමත් විය.එසේ හෙයින් ඔහු මුලු ලොවෙහිම වැඩ කරන ජනතාවගේ ගෞරවයට පත්ව ඇත.චේ නැමති ඒ අසහාය මිනිසා නිර්ධන පංතියේ නිදහස වෙනුවෙන් තම දිවි පිදූ,ලොව පුරා මිනිස් සිත් සතන්හී නොමැකෙන සටහනක් තැබූ පුද්ගලයෙක් ලෙස හදුනා ගත හැක..

niyamai
ReplyDelete