Total Pageviews

Tuesday, March 19, 2019

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් කරනවා.එක්කෝ සයන්ස් කරනවා”
මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන සංවාදයක්.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්න ළගයිනේ..කට්ටියට තියන ලොකු ම ප්‍රශ්නේ උසස් පෙළට මොනාද කරන්නෙ කියන එක.ආර්ට් කරාට රස්සා නෑ හොඳ පඩියක් නෑ..ආර්ට් කරලා ඉතින් ටීචින් තමයි කරන්න වෙන්නේ.ගුරුවරයාට තියෙන තත්වෙ මොකද්ද...ඒ වගේද සයන්ස්,මැත්ස්,ටෙක්,කොමස් කරාම.කැම්පස් නොගියත් තත්වෙට හොදයිනේ....නේද...
ඒක  උඹේ මතය වෙන්න ඇති.මේක අහගනින් මේ මගේ මතය.
ආර්ට් පහත් ඇති උඹට.සයස් කරපන් කොමස් කරපන් නංගී මල්ලී..ඊරිසියවක් නෑ උඹට ජය.ඒත් මෙන්න මේ ටික මතක තියාගනින්.අද උඹ ඔය ඉන්න තත්වෙට ආවේ උඹ පළවෙනි වසරේ ඉදන් ඉගන ගත්ත,වැඩිපුරම ආර්ට් කරලා ආපු ගුරුවරුට පින් සිද්ද වෙන්න කියන එක...එ මිනිස්සුන්ගේ මගපෙන්වීම්,කැපවීම්,දහඩිය මහන්සියෙන් කියන එක අමතක කරන්න එපා.අද කොන්ද පණ ඇතුව සමාජේ හිටන් ඉන්න උඹලට මගපෙන්නුවේ ඒ ගුරුවරු...උඹ ටීචින් කරන්න ඕනේ නෑ.හොඳ තතවයක් තියන රස්සාවක් කරපන්.ආර්ට් පහත් ඇතී උඹට.ඒකට කමක් නෑ..ඒත් දෙවිවරු වගේ ඉන්න ගුරුවරයාට තියන තත්වෙ පහතට දාන එකත් උඹේ ඔය තත්වෙට හරි මදි නේද...ඒක ගැනත් ටිකක් හිතපන්..

Sunday, August 26, 2018

පත්තරේට ලිපියක්

   



Image result for adum vilasitha

    සංවර ඇදුම් සුන්දර  කරයි ලෝකය 

   සිංහල ජාතිය අතිතයේ පටන් විනීතව සංවරව ජීවත් වූ පිරිසකි.හැසිරීම් රටාව,ඇදුම පැලදුම විනීත් විය.ලැජ්ජව බය සහිතව තම පරපුර නිර්මාණය කිරීමට මුතුන්මිත්තන් කටයුතු කර ඇත. 
නමුත් කලින් කලට සිදු වූ සංස්කෘතික වෙනස් වීම් තුලින් පරම්පරවෙන් රැගෙන ආ සියල්ල වෙනස් වී පවත්නා සංස්කෘතියට අනුගත වීමට නූතන මිනිසා පෙළඹවීම දැක ගත හැක.මෙමෙ අංග අතරින් වැදගත්ම දේ ඇදුම්යි.තම ශරීර අංග අනෙකාට නොපෙනෙන සේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමෙ අරමුණෙන් මිනිසුන් අදුම් භාවිත කරනු ලබයි.එය එසේ වුවද වර්තමනයේදී නම් එලෙස ඇදුම් භාවිත කරන බවක් දැක ගත නොහැකිය. තරුණ පරම්පරාව එම කරුණ තහවුරු වේ.අසංවර ඇදුම් අදින  පිරිස වර්ධනය වන අයුරු පෙනේ.බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට පෙළබෙයි. 

   ශ්‍රී මහා බෝධිය,දලදා වහන්සේ වෙනි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි ස්ථාන සඳහා වන්දනවට යන පිරිසගේ අදුම් දුටු විට ඇති වන්නෙ සෝචනීය සිතුවිල්ලකි.විදේශික කාන්තවන් මෙන් ලාංකීය කාන්තාවන් තම අදුම් භාවිත කර ඇත.ඔවුන් සමග පෙමිණන පිරිමි උදවියටවත් මෙම අසංවර අදුම් නුසුදුසුය යන්න නොවැටහෙන්නෙද ගැටලුවකි.විදේශික කාන්තවන්ද පූජනීය ස්තන වලට ගමන් කරන විට සංවර අදුම් භාවිත කරන ආකරය ඇතැම් අවස්තාවලදී දැක ගත හැකිය.නමුත් ලාංකිය කාන්තාවට සිදු වී අති ඉරනම දුක්කිතය. 
මෙසේ අසංවර අදුම් භාවිතය තුලින් තමන් අනෙක ඉදිරියේදී අපහසුතාවයට ලක් වනවා සේම එය දකින වුන්ද අපහසුතවයට ලක් වනු ඇත.රටෙ පවති කාන්ත දූෂණ,අපයෝජනවලට හෙතුවක් ලෙස මෙම ඇදුම් භාවිතය පෙන්ව දිය හැක. 

  අතීතයේ පටන් පැවතගන ආ සංස්කෘතිය විනාශ නොකර තමනුත්,අනෙකාත් අපහසුතාවයට ලක් නොවන ලෙස අදුම් භාවිත කරමින් විනීතව,සංවරව ජීවත් වීමට කවුරුත් වග බලා ගත යුතුය..   
Image result for adum vilasitha




Saturday, August 25, 2018

පත්තරේට ලිපියක්

       නිර්මාණශීලී  වෙළඳ දැන්වීම් කලාව 

  වර්තමානයේ රුපවහිනිය තුල විවිධාකාර වෙළඳ දැන්වීම් රාශියක් ප්‍රචාරණය වීම දැක ගත හැක.වාණිජ අරමුණු මත කෙළවරක් නොමැතිව මෙම වෙළඳ දැන්වීම් ගලා යන බව කිව යුතුය.අතිතයේ නිර්මාණය වූ වෙළඳ දැන්වීම් දෙස අවධානය යොමු කිරීමේදී ඒ තුළ වුයේ නිර්මාණශීලී ගුණාත්මක බවින් යුතු දෙවල්ය  

  අද වන විට එදා දැන්වීම් කලාව අතික්‍රමණය කරමින් කරන ලද නිර්මාණ රැසක් හදුනා ගත හැකිය.නව ප්‍රවනතා දෙක ගත හැකිය.අනුරගය,ලිංගිකත්වය මත පදනම් වු දැන්වීම් කලාව අද දේශීය වටිනකමකින් යුතු ජාතික අවශ්‍යතා මත පදනම්ව නිර්මාණය වන අයුරු පෙනේ.නමුත් කලින් කලට විවිධ ප්‍රවේශයන් ඔස්සේ තම භාණ්ඩ හා සේවා ප්‍රේක්ෂකයා ඉදිරියට සමීප වීමට උත්සහ දරන්නේ වෙළඳ ලෝකය තුළ පවතින්න වූ තරගකාරී ස්වභාවය නිසවෙනි.     

  වෙළඳ දැන්වේම් බොහෝමයක් කාන්තාවන් සහ ළමුන්ව ඉලක්ක කර ගනිමින් නිර්මාණය වේ.වෙළඳ පල තුළ වැඩි වශයෙන් භාණ්ඩ හ සේවා වල ඉල්ලුම පවතිනුයේ එම පිරිස් වටාය.එම නිසා ඔවුන් අකරශනය කර ගැනීමෙ අරමුණෙන් වෙළඳ දැන්වේම් නිර්මාණය කරනු ලැබේ..  

  දරුවන් ඉලක්ක කරගත් දැන්වීම් ගත් විට ධනාත්මක සිතුවිලි වලින් හෙබි අදහස් අන්තර්ගත  කොට අති බව දැක ගත හැක.ලමා මනසට අනාගත සිහින සාදන රූපරාමු සියුම් ලෙස නිරූපනය කරමින් කුඩා මනස ආමන්ත්‍රණය කරනු ලබයි.සන්නිවේදනයේ කාර්යන් අතර එකක් වන පෙළඹවීම රුපවහිනි දැන්වීම් මගින් නිතැතින්ම සිදු කරනු ලබෛ.අනාගත ලෝකයට ප්‍රවිශ්ට වන දරුව වඩා ක්‍රියාශීලි,අභියෝගවලට සාර්ථක ලෙස ජය ගැනීමට ශක්තිය,දැනුම,අවබෝධය අති දරුවන්  නිර්මාණය කිරීමට උචිත වෙළඳ දැන්වීම් සකස් කිරීම දක්නට ලැබේ..  

 වෙළඳ දැන්වීම් බොහෝ විට නිර්මාණය වන්නෙ වෙළඳ පල අවශ්‍යයතාවයන් මත වුවද එයින් එහට ගිය සමජයට සුබ පණිවුඩයක් ලබා දෙන නිර්මාණශීලී අංගයකි වෙළඳ දැන්වීම්. 
         

පත්තරේට ලිපියක්

ඇමෙරිකාව දන ගැස්ස වූ අසහාය නායකයා

         තම අභිමතයට අනුකූල නොවන්නන්ට රතු නිවේදන නිකුත් කරන්නට ඇමෙරිකව පෙරමුනට එන්නේ අද ඊයෙක නොවේ.. ඇමෙරිකවට අවනත නොවන පාලකයන් රට පාලනය කිරීම තරම් වෙදනවක් ඇමෙරිකවට නොමැති තරම්ය..ඇමෙරිකව වඩාත් අකමැති ලෝක නායකයා වූයේ හියුගෝ චාවේස් බව නිසැකය..
         ඔහුගේ නම ඇසූ පමනින් ඔහු පිළිබඳව නොදන්න කෙනෙකු නොමැති තරම්ය.වෙනිසියුලාවෙ හැරවුම් ලක්ෂය ඔහුය..1959 සිට සම්භාධක පනවමින් කියුභාවේ කැස්ට්‍රො බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව කටයුතු කරද්දී චාවෙස්, කැස්ට්‍රො සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔහු සමග සිටගත්තේ ඇමෙරිකාව අසරණ කරමින්ය.ලොව බිහි වූ විශිෂ්ඨ නයකයෙක් ලෙස ඔහු ගෞරවාදරයට පාත්‍ර වන්නෙ දහස් සංඛ්‍යාත ජනතාවගේ හද තුල නොමැකෙන මතකයක් තැබීමට චාවෙස්ට හැකි වූ නිසවෙනි.
             ඇමෙරිකන් අහැට කටුවලින් අනින්නාක් බදු චාවෙස්ගේ පාලනය බිඳ දැමීමට ඇමෙරිකව ගත් සියලු පියවර අසාර්ථක වූයෙ චාවෙස් තව තවත් සියල්ලන් අතර ජනප්‍රිය වීමත් සමගය..එකල තෙල් මිල ඉහල යාමත් සමග එම වාසියද තම රට තුල දුප්පත්ජ් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට යොදා ගත්තේ විශිෂ්ඨ නායකයෙකුගේ ලක්ෂණ මුලු ලොවටම විද්‍යමාන කරමින්යා..
  
   වෙනිසියුලාව විශාල ආර්ථික ශක්තියක් සහිත රටකි.සිය තෙල් සවියෙන් මුකු ලොවම ආක්‍රමනය කල රටකි.ඇතැම් අවස්ථාවලදී වෙනත් රටවලට සහනදායූ ලෙස තෙල් ලබා දීමට පියවර ගෙන ඇත.ලෝක දේශපාලනබල තුලනයේ ප්‍රබල රැගුම්කරුවෙකු  වෙමින් ලොවට අභියෝග කල මෙන්ම ජනතා හදවත් පතුලටම කිමිද එය අතිශය සියුම්ස ර්ශ කල අසහාය නායකයෙකු ලෙස සැමදා ඔහු අනුස්මරනය කරනු ඇත..  










Tuesday, July 31, 2018

පත්තරේට ලිපියක්

නිර්ධන පංතිය නිදහස වෙනුවෙන් දිවි පිදූ චේ
                    Image result for che guevara


  ලොව සිටින විප්ලවවාදීන් සහ ජාත්‍යාන්තරවදීන් පිලිබදව අවදානය යොමු කිරීමෙදී චේට හිමි වන්නේ ඉහල ම ස්ථානයකි..1928.07.14 වන දින අර්ජන්ටිනාවේ රොසයිරෝ ඩිලෆේහිදී චේ උපත ලබා ඇත.196710.9 දින බොලිවියාවෙ ලාගියුවේරා නැමෙති ගමේ පිහිටි කුඩා පාසලක පංති කාමරයක් තුලදී රහස් ඔත්තු සේවයේ නිලධාරීන් හා බොලිවියානු හමුදා ප්‍රධානීන් විසින් චේ මරා දමන ලදි. 

    මේ වන විට මේ පුංචි මිනිසා තමා විසින් කල කැපවීම හා සේවය පිලිබදව තෘප්තිමත් විය හැකි දුර්ලභ මිනිසෙකුගේ තත්වයට පත්ව සිටියේය.අද වන විට සමජවාදී  කදවුර ඇමෙරිකානු අනසකට මුලු ලොවම නතු වී ඇති චේද සම්මාදම් වී ගොඩනැගුනු ලෝකය ජාත්‍යන්තරවාදී ප්‍රශ්න හමුවේ ජයග්‍රහනය කල යුතු බොහෝ දේ ජය ගැනීමට සමත් වූයේ නැත..එසේ හෙයින් චෙ වැනි මිනිසුන්ගේ දායකත්වය එදා මෙන් අද කාලයටත් වෙදගත් බව සදහන් කල යුතුය. 
   ලොව පුරා සැරිසරමින් ලොව පීඩිත ජනතාව ඇසුරු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න වටහා ගනිමින් තම විප්ලවාදී අධ්‍යාඅපනයේ නිම්වලලු පුලුල් කරගත් චේ අද වන විට ජාත්‍යන්තර තත්වයට සාපේක්ෂ ව තම විප්ලවය භාවිතා කර ගැනීමට සමත් විය.එසේ හෙයින් ඔහු මුලු ලොවෙහිම වැඩ කරන ජනතාවගේ ගෞරවයට පත්ව ඇත.චේ නැමති ඒ අසහාය මිනිසා නිර්ධන පංතියේ නිදහස වෙනුවෙන් තම දිවි පිදූ,ලොව පුරා මිනිස් සිත් සතන්හී නොමැකෙන සටහනක් තැබූ පුද්ගලයෙක් ලෙස හදුනා ගත හැක..  
          

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...