Total Pageviews

Tuesday, July 31, 2018

පත්තරේට ලිපියක්

නිර්ධන පංතිය නිදහස වෙනුවෙන් දිවි පිදූ චේ
                    Image result for che guevara


  ලොව සිටින විප්ලවවාදීන් සහ ජාත්‍යාන්තරවදීන් පිලිබදව අවදානය යොමු කිරීමෙදී චේට හිමි වන්නේ ඉහල ම ස්ථානයකි..1928.07.14 වන දින අර්ජන්ටිනාවේ රොසයිරෝ ඩිලෆේහිදී චේ උපත ලබා ඇත.196710.9 දින බොලිවියාවෙ ලාගියුවේරා නැමෙති ගමේ පිහිටි කුඩා පාසලක පංති කාමරයක් තුලදී රහස් ඔත්තු සේවයේ නිලධාරීන් හා බොලිවියානු හමුදා ප්‍රධානීන් විසින් චේ මරා දමන ලදි. 

    මේ වන විට මේ පුංචි මිනිසා තමා විසින් කල කැපවීම හා සේවය පිලිබදව තෘප්තිමත් විය හැකි දුර්ලභ මිනිසෙකුගේ තත්වයට පත්ව සිටියේය.අද වන විට සමජවාදී  කදවුර ඇමෙරිකානු අනසකට මුලු ලොවම නතු වී ඇති චේද සම්මාදම් වී ගොඩනැගුනු ලෝකය ජාත්‍යන්තරවාදී ප්‍රශ්න හමුවේ ජයග්‍රහනය කල යුතු බොහෝ දේ ජය ගැනීමට සමත් වූයේ නැත..එසේ හෙයින් චෙ වැනි මිනිසුන්ගේ දායකත්වය එදා මෙන් අද කාලයටත් වෙදගත් බව සදහන් කල යුතුය. 
   ලොව පුරා සැරිසරමින් ලොව පීඩිත ජනතාව ඇසුරු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න වටහා ගනිමින් තම විප්ලවාදී අධ්‍යාඅපනයේ නිම්වලලු පුලුල් කරගත් චේ අද වන විට ජාත්‍යන්තර තත්වයට සාපේක්ෂ ව තම විප්ලවය භාවිතා කර ගැනීමට සමත් විය.එසේ හෙයින් ඔහු මුලු ලොවෙහිම වැඩ කරන ජනතාවගේ ගෞරවයට පත්ව ඇත.චේ නැමති ඒ අසහාය මිනිසා නිර්ධන පංතියේ නිදහස වෙනුවෙන් තම දිවි පිදූ,ලොව පුරා මිනිස් සිත් සතන්හී නොමැකෙන සටහනක් තැබූ පුද්ගලයෙක් ලෙස හදුනා ගත හැක..  
          

පත්තරේට ලිපියක්

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයේහි පරිහානිය

    Image result for govithena                                                                    අතීතයේ පටන් ම කෘෂි කර්මාන්තයට  හිමි වූයේ ප්‍රධාන  ස්ථානයකි.මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි ලොකු පොඩි  කවුරුත් දන්නා කියමනකි.ස්වයං පෝෂිත ආර්ථික රටාවකට හිමිකම් කියූ අතීත ජනයා තමාට අවශ්‍ය කරන්නා වූ බොහෝ දේ වගා කිරීමෙන් සොයා ගන්නා ලදී ..


  එවන් ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට ගොවිතැන් ආශ්‍රිත ව පරිහානියකට ලක්වී ඇති අයුරු දක්නට ලැබේ.මෙයට හේතු හේතු වූ කරුණු මොනවා ද යන්න සලකා බැලිය යුතු වේ.
         ස්වයං පොෂිත  ආර්ථික ක්‍රමයේ බිඳ වැටීමත් සමගම වූ ආර්ථික ක්‍රමය හේතුකොටගෙන මෙම කෘෂි කර්මාන්තය ආශ්‍රිතව පරිහානිය වැඩි වශයෙන් සිදු වන්නට ඇත.එහිදී ගොවිතැන් කිරීම තුළින් වියදමට සරිලන ආදායමක් නොලැබීම හේතු  හේතු කොටගෙන මිනිසා විසින් වෙනත් රැකීරක්ෂා  කරා පිටත් වීමට පෙළඹුණි..කෘෂිකර්මාන්තයේ පරිහානියට ලක් වීමට එක් කරුණක් ලෙස මෙය හඳුනා ගත හැකිය 
      පාලකයන් විසින්  කෘෂි කර්මාන්තයට අදාළව අවශ්‍ය කරන පොහොර ,බෝග වර්ග  රට වෙලාවට නොලැබීම නිසා ඒ කර්මාන්තය ආශ්‍රිතව පරිහානියට ලක්වීමට සිදු වූ අවස්ථා හඳුනාගත හැකිය.එසේම රජරට  වැනි ප්‍රදේශවලට ගොවිතැන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම ද ගොවිතැන් ආශ්‍රිතව පරිහානියට ලක් වීමට කරුණු වේ.
             තවද අතීතයේ ගොවිතැන නම් නම් වූ කාර්යයට සමාජය තුළ පැවතියේ වැදගත් ස්ථානයකි.නමුත්  මාධ්‍ය තුළ ඇතිවූ විවිධ පරිවර්තන සමග මෙම ක්‍රමය වෙනස් වීමකට ලක් විය..තමාගෙ මහන්සියෙන්  සපයාගත් ගත් දේ  පිළිබඳ වටිනාකමක් නොමැති කම හේතුවෙන් එතැනින් ඉවත් වී වෙනත් රැකියා සඳහා යොමු වීමේ ප්‍රවණතාවය වැඩි විය..සමාජ ක්‍රමය තුළ පවතින ආර්ථික රටාවට ගොවිතැන් කිරීම තුළින් ලබා ගත හැකි ආදායම් මට්ටම අඩු වීම හේතුකොට ගෙන මිනිසා  ඉන් මිදීමට පියවර ගෙන ඇත  
        එසේ ම සතා සිව්පාවගෙන් ගොවිතැන් ආශ්‍රිත කටයුතු සඳහා තිබෙන්නා වූ තර්ජන වලට වලට කිසිදු විසඳුමක් නොමැති වීම හේතු කොට ගෙන  මිනිස්සුන් ගොවිතැනින් බැහැර වන්නට ඇත.මෙවැනි කරුණු කාරණා හේතුකොට ගෙන හේතුකොටගෙන හේතු කොට ගෙන ශ්‍රී ලාංකීය සමාජය තුළින් ගොවිතැන ක්‍රම ක්‍රමයෙන් පරිහනියට ලක් වන අයුරු දැක ගත හැකිය. 
         එසේම ශ්‍රී ලංකාව තුල වර්තමානයේ භාවිත කරන අහාර පාන රටාව හේතු කොට ගෙනද  ගොව්තැන පරිහානියට ලක් වන අයුරු දැක ගත හැක.දේශීය ආහාර වලට ඉල්ලුමක් නොමෙති ව්ම  මෙයට හේතුව වේ.එසේම කලින් කලට බලයට පත් වෙන නායකයින් කෘෂිකර්මන්තයට දක්වනුයේ කුඩම්මගේ සැලකිලිය.. 
        අතීතයේ සිට වර්තමානය දක්වා මෙසේ සිදු වුනිනම් අනාගතායේදී කුමක් සිදු වේද යන්න පිළිබඳව ගැටලු මතු වේ.අනාගත පරම්පරාවට යහපත් දේ ලබ දීම අපගේ වගකීමකි.එසේ හෙයින් කෘෂිකර්මන්තයය වැනි  වටිනා ජීවනෝපයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුය..   


Saturday, July 28, 2018

කෙටි කතාව

ගමේ රාජකරිය  


     විවේක කාලය අවසන් විය.සියලු දෙනා තමන්ට අදාල පන්ති කාමර තුලට පැමිනියෝය.

මදුරි  :- අපිට දැන් තියෙන්නෙ ඉතිහාසෙ නේද නෙතු?
මම   :-ඔව් මදුරි.සමන්තිකා මිස් උදේ ඇවිත් ඉන්නවා මම දැක්කා.තව ටිකකින් ඒවි

    මද වේලවකින් ගුරුතුමිය පන්තියට පැමිණියාය 

ගුරුතුමිය  :-ආයුබෝවන් ළමයි 
ළමයි        :-ආයුබෝවන් මිස් 
ගුරුතුමිය  :-ලමයිනේ ඔයලට උගන්නන්න තියන පාඩම් ටික උගන්නල ඉවරයි.විභාගෙත් ළඟ එන හින්දා මම ඔයලට අගයීමක් කරන්න දෙන්නම්.පොතක් අරන් මේ කියන එක ලියගන්නකෝ. 

    ළමයි ගුරුතුමිය විසින් දෙන ලද ප්‍රශ්නය ලියා ගන්නා ලදි. 

ගුරුතුමිය  :- ගමේ රාජකාරිය නම් වූ ජනශ්‍රැතික අංගය පිළිබඳව විමර්ශනාත්මකව තොරතුරු එකතු කර ලිපියක් සකසන්න. 
 නුවන්     :-මිස් අපෙ ගමෙ කරපු ගමේ රාජකරිය බලන්න මම දවසක් ගියා
සමාධි      :-මමත් අම්මලත් එක්ක ගිහින් දවසක් ගමේ රාජකාරිය බැලුවා 
ගුරුතුමි :-එහෙනම් වැඩේ තවත් ලේසියි.ඔයල දැකපු දේවල්වලට අමතරව ගමැ වැඩිහිටියන්ගෙන් තොරතුරු අහගන මේක කරන්න ඕන තේරුනද?මම ඔයලට එක ගෙන අවබෝධයක් ගන්න තොරතුරු ටිකක් කියන්නම් ඕන දෙයක් තියෙනවන්ම් ලියාගන්න.. 

   ළමයි සියලු දෙනා අවධානයෙන් ගුරුතුමිය පවසන දේවල් අසා සිටියහ 

ගුරුතුමිය   :-ගමෙන් ගමට ගමේ රජකාරිය වෙනස් වෙනවා.පොදුවෙ ගත්තම කෙරෙන දේවල් ගැන අදහසක් කියන්නම්.ගමේ රජකාරිය කියන්නෙ අයියනායක්,කතරගම,ගම්බාර දෙවියන් උදෙසා දෙන දානම පුන්‍ය කර්මයකි.ඉතින් එකෙන් ගම්මු බලපොරොත්තු වෙන්නෙ නිසි කලට වර්ෂාව ලැබිලා,කෙත්වතු සාරවත්වෙලා,ගමේ ජීවත් වෙන සියලු දෙනාගේ රොග පීඩා දුරුවෙන්න කියල ආශීර්වාද ලබා ගන්නයි.ඒ වගේම තමයි සතුරු විපත්වලින් මුදවා ගන්නටත්,ගමේ වැව් ආරක්ෂා කරගන්නත්,කෙත්වතු වන සතුන්ගෙන් රැක ගැනීමටත් ගමේ රාජකාරිය කරනවා.ඔයලට දෙන් එක ගෙන අවබෝධයක් ලැබෙන්න ඇතිනෙ.ගමේ වැඩිහිටියන්ගෙ අහලා තොරතුරු එකතු කරල වැඩෙ කරගන්න එහෙනම් 
ළමයි    :-හොදයි මිස්    

      පාසල් කාලය අවසන් විය.සියලු දෙනා තම තමන්ගේ නිවෙස්වලට පිටත් වීමට සැරසුනි  

මදුරි  :-නෙතූ... 
මම   :-කියන්න මදුරි 
මදුරි :-අපි දෙන්නා එකතුවෙලා මේ අගයීම කරමුද?අපි එකම ගමේනේ 
මම  :-එකත් අත්ත තමයි..හොදයි එහෙනම් අද හවස්වෙලා ඔයා අපෙ ගෙදර එන්න අපි යමු ඒබරන් අත්තා හම්බවෙලා එ ගැන තොරතුරු අහගමු. 
මදුරි :-හා එහෙනම් මම ඉක්මනට ගෙදර ගිහින් එන්නම්.ඔයත් ලෙහෙස්තිවෙල ඉන්න 
මම :-
හො

 එහෙනම් හවස හම්බවෙමු  

 හවස මමත් මදුරිත් ඒබරන් අත්තාගේ නිවස වෙත ගමන් කලෙමු.අපි එහි යන විට අත්ත බුලුත් වංගෙඩියෙන් බුලත් කොටමින් සිටියේය.ඔහු තම ඇස් හීනි කරමින් අපි දෙස බලා සිටියේ අපිව අදුරා ගැනීමට අපහසු නිසාවෙනි. 
  
මදුරි    :-ඒබරන් අත්තේ මේ අපි 
අත්තා :-ඒකනෙ කෙල්ලේ මමත් මෙ බෙකුවෙ කවුදා කියලා මේ අපෙ රංබන්ඩගෙයි සිරිපාලගෙයි කෙල්ලො දෙන්න නොවැ 
මම   :-ඔව් අත්තේ අපි මේ අවෙ අත්තගෙන් තොරතුරු ටිකක් අහගන්න කියල 
මදුරි  :-අත්තේ අපිට ස්කෝලෙන් ගමේ රජකාරිය ගැන තොරතුරු හොයගන එන්න කිවුවා 
අත්තා :-අපෙ අප්පොච්චාගෙත් අප්පොච්චාගේ කාලෙ ඉදන් මම ඔය කාරිය කොරන්න ගිහින් තියෙනව.ඕක ගෙන මම තරම් දන්න කෙනෙක් මේ ගම් තුලානෙවත් නැතුව අති  
   ඒබරන් අත්තා මහත් උජාරුවෙන් පවසන ලදි  
මම   :-ඒකනේ අත්තේ අපි අත්තා ළඟට ම අවේ අහගන්න 
අත්තා:-එහෙනම් කෙල්ලනෙ අහගනිල්ලකො ඕකේ අලගිය මුලගිය තැන්  

   අත්තා කතාව කීමට සැරසුනේය..මමත් මදුරිත් හනිකට කොලයක් සහ පේනක් ගෙන තොරතුරු සටහන් කර ගැනීමට සූදානම් විය. 
අත්තා :-ඉස්සරෝම ගමේ දෙවියන් වදින්න සුදුසු දිනයක් නියම කොර ගන්න ඕන.ඒකට ගමෙ ඉන්න වැඩිහිටි මං වගේ උදවිය කිපදෙනෙක් එකතුවෙලා ගමේ රජකාරිය ඉෂ්ඨ කොරන කපුමහත්තයට බුලත් දීලා ආරාධනා කොරනවා.මේ 
දවස 


නියම කරගත්ත දවසෙ ඉදල එක කොරල අහවර වෙනකන් ගමේ කොහෙවත් කැවුම් හදන්න පිටි කොටන්න තහනම් 
මදුරී   :-ආ එක තමයි අත්තේ අපෙ කිරිඅම්මත් 
දවස


ක් ඔහොම දෙයක් කිවුව මතකෛ මට  
අත්තා :-ඔව් ඔව් උබලගේ කිරිඅම්මත් එ දවස්වල ඕවට ආව උදව් පදව් කොරන්න.ඉතින් අහගනිල්ලකො ඉතුරු ටිකත්.දෙන් ඔය කෙම්මුරර දවස තියෙනවනේ එදාට කලින් එන සිකුරාදා දවසෙ ගමේ වැඩිහිටියො එකතුවෙලා කපුමහත්තයවයි දෙවියන් උදෙසා පුජා කරන ආභරනයි පෙරහරකින් අපේ ගමට එක්කන් එනවා  
 ඒබරන් අත්තා නැවත්තත් වංගෙඩිය ගෙන බුලත් කොටන්නට පටන් ගත්තේය.මද වෙලාවකින් අත්ත කතාව කීමට පටන් ගත්තේය. 

 අත්තා  :-ඊට පස්සෙ ගමේ උදවිය එකතුවෙලා අර කැන්දන් ආව කපුමත්තයයි ආභරෛ පෙරහැරකින් දෙවියන් උදෙසා සකස් කොරපු මණ්ඩපයක අර ආභරන තැම්පත් කරනවා.උබල දන්නවද ඒ මණ්ඩපය හදන්න බුලත් පන්සීයක්,පුවක් පන්සීයක්,මල්,පඩුරු ඔක්කොම එකතු කරල ලස්සනට සකස් කොරනව 


අත්තාගේ කතාව අතරතුරේදී එතනහාමි කිරිඅම්ම විසින් සාදා ගත් බෙලිමල් වතුර ටිකක් අපිට ගෙනවිත් දුන්නාය.ඇයද ඉස්තෝප්පුවෙම කොනක ඉද ගත්තාය.අත්තා නැවත්ත් කතව ආරම්භ කලේය.  

අත්තා  :-රැ 12ට විතර කපුමහත්තයා අර ආබරන පෙට්ටියත් අරගන ගමේ ප්‍රධාන වැව ළඟට ගිහින් කලින් වගෙන මණ්ඩපයක් සකස් කොරල එතන තෙම්පත් කරනව.පස්සෙ දෙවියන් වෙනුවෙන් ගොටු භාර දීල වැවේ ගහක මුට්ටිය නමල දෙවියන්ට වැව භාර දෙනව.උබලට තේරෙනවා නෙද මම කියන එව්වා? 
මම     :-ඔව් අත්තෙ අපිට හොදට තෙරුනා 
එතනහාමි  :-එහෙනම් ලොකුතැන ඉතුරු ටිකත් මෙ දැරිවියොන්ට කියල දුන්නන්ම් හොදා නේද දෙන් රෙත් බෝවේගන එනවා  
අත්තා :-එකත් හැබෑව 
මදුරි  :-එහෙනම් අත්තෙ ඉතුරු ටිකත් කියන්නකො 
අත්තා :-අරෙව්වගෙන් පස්සෙ ගම්මු කපු මහත්තයව අයෙත් කලින් තිබුන මණ්ඩපය ළඟට කැදවන් යනව.අර මණ්ඩපය අයෙත් අලුත් කරනව  දවල් 12 විතර වෙනකන් යාග හෝම පවත්තනවා.එ අතරතුරේදී ගමෙ කන්තාවො එකතුවෙලා දානයක් පිලියෙල කරනව.අන්න එ වගෙ ඩවසක තමෛ මයෙ එතන හාමි මට හදි ගැහුනෙත්... 
  මුවහි මද සිනවක් රදවා ගනිමින් අත්තා එතනහාමි දෙස බැලුවේය.ඇය ලෙජ්ජවෙන් මෙන් ඉවත බලා ගත්තාය  

එතනහාමි  :-ඔය දෙරිවියොන්ට එවයේ වගතුග ඕනැන්නෙ නෑනේ..ඕන කරුණු කියල දුන්නම ඇති  
අත්තා  :-අහගනිල්ලකො දැන් තමයි හොදම කොටහ වෙන්නෙ.දානෙට ඕනේ කරන දෙවල් උපයා සපයා ගන්නෙ ගමේ අයම වගා කරල විකුනල ගත්ත ආදායමෙනුයි කුඹුරුවලින් ගත්තු හාල්වලිනුයි.ඒ දානෙට කියන්නෙ මුරුතැන් දානේ කියල.ඒ දානෙන් ගොටු හදල දෙවියන් වෙනුවෙන් පුජා කරනවා    
එහනහාමි :-ඊට පස්සෙ අර උයපු දානේ කපුමහත්තය ගමේ ඔක්කොටම බෙදල දෙනව.කැවුම්,කොකිස් වගෙ ජාතිත් එතන තියෙනව  

අත්තා :-ඔව් දරුවනේ එ අහාර ගත්ත්ට පස්සෙ ගම්මු එකතුවෙල කපුමහත්තයාට තෑගි බෝග දෙනව..එතනින් ගමෙ රාජකාරිය අහවරයි 
මදුරි   :-එතකොට  අත්තේ හෙම අවුරුද්දෙම එක තියෙනවද? 
අත්තා  :-නැ නැ මයෙ පුතේ..අවුරුදු තුනකට සැරයක් තමයි ඒ කාරිය කොරන්නෙ 
මම  :-ඊලගට තියෙන දවසට මමත් යනව කිරිඅම්මත් එක්ක එක බලන්න 
මදුරි  :-ඔව් නෙතූ මමත් අම්මලත් එක්ක එනව එදාට 
එතනහාමි :-අදිරි වැටීගෙන එන්නෙ දරුවනේ.සතා සිව්පාව එලිබහින්න කලියෙන් ගෙවල්වලට ගියනම් හොදයි නෙද?  
මදුරි  :-ඔව් කිරිඅම්මෙ අපි මෙ යන්න කියල ලෙස්ති වුනේ 
මම  :-එහෙනම් අත්තෙ අපි ගිහින් එන්නම්.ගමෙ රජකාරිය ගැන අපිඅට හොදට තෙරුම් කරල දුන්නට අත්තටෛ කිරිඅම්මටයි ගොඩක් පින් 
අත්තා :-ඕක මොකද්ද කෙල්ලනේ අපෙන් පස්සෙ පරම්පරාවට ඕවා කියල දෙන එක අපේ වගකීමක් නොවැ 
මම :-අපි ගිහින් එන්නම් අත්තේ.ආයෙත් දවසක එන්නම්කො අත්තල බලලා යන්න 
   මමත් මදුරිත් අත්තටත් කිරිඅම්මටත් වැද සමු දී නිවසට පිටත් වුනෙමු  
  



ත්තා  :-රත්නත්තරේ පිහිටයි උබල දෙන්නට  


 දෙදෙනාගෙම අශිර්වද අතුව අපි පිටත් වුනෙමු..ඇගෑමට අවශ්‍ය කරන තොරතුරු ලැබුනු නිස ඉක්මනින් එය සකස් කොට ගුරුතුමියට භාර දීමට අප දෙදෙනා කතා වුනෙමු..  


(මෙහි එන නම් මනඃකල්පිත ඒවා වේ.මෙය සකස් කිරීමට අවශ්‍ය කරන තොරතුරු සැපයූවෙ එච්.එම්.දිසනායක මහතා විසිනි) 

H.M.C.J. Gunathilaka 
HS/2015/0295



    
     

Monday, July 16, 2018

මත් ද්‍රව්‍ය භාවිතය හා ළමා පරපුර 

වර්තමනයේ දැවෙන ගැටලු අතර එක් ගැටලුවක් ලෙස මෙම මත් ද්‍රව්‍ය භාවිතය හදුනා ගත හැක..රටක කොදු නාරටිය වන් තරුන පරපුර වැඩි වශයෙන් මෙයට අබ්බැහි වීම ඛේදවාචකයකී..පාසල් සිසුන් අතර මෙම මත් ද්‍රව්‍ය පැතිරීම සුලබ සිදු වන දෙයකි..ඔවුන් ඉන් මුදවා ගැනීම සමජයේ වගකීමකි..එ සදහා සියලුම දෙනා වගකීමෙන් කටයුතු කල යුතුය.පාසල තුල මෙවැනි කටයුතු අවම කිරීමට සාර්ථක උපක්‍රම භාවිත කල යුතුය..එසෙම පොලිසිය තුලින්ද සමජය යහපත් තත්වයට පත් කල හෙකි ක්‍රියාමාර්ග ගෙනීමට වග බලා ගතයුතු වේ..තරුන පරම්පරාව රැක ගෙනීම අප කාගෙත් වගකීමකි.... 

තල මාවරය


Monday, July 9, 2018

ප්‍රේමය...

ඉපදෙන මියදෙන සංසාර ගමනේ එක් නවාතැනකි ප්‍රේමය...මිනිසාට පමණක් නොව සතා සිවූපාවා වුවද ප්‍රේමයට මහත් ලැදියවක් දක්වනුයේ ප්‍රෙමය ජිවන ගමන ශක්තිමත් කරන්නා වූ ආද්‍යාත්මික බැදීමක් නිසවෙනි... 

my click


Saturday, July 7, 2018

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...