Total Pageviews

Tuesday, March 19, 2019

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් කරනවා.එක්කෝ සයන්ස් කරනවා”
මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන සංවාදයක්.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්න ළගයිනේ..කට්ටියට තියන ලොකු ම ප්‍රශ්නේ උසස් පෙළට මොනාද කරන්නෙ කියන එක.ආර්ට් කරාට රස්සා නෑ හොඳ පඩියක් නෑ..ආර්ට් කරලා ඉතින් ටීචින් තමයි කරන්න වෙන්නේ.ගුරුවරයාට තියෙන තත්වෙ මොකද්ද...ඒ වගේද සයන්ස්,මැත්ස්,ටෙක්,කොමස් කරාම.කැම්පස් නොගියත් තත්වෙට හොදයිනේ....නේද...
ඒක  උඹේ මතය වෙන්න ඇති.මේක අහගනින් මේ මගේ මතය.
ආර්ට් පහත් ඇති උඹට.සයස් කරපන් කොමස් කරපන් නංගී මල්ලී..ඊරිසියවක් නෑ උඹට ජය.ඒත් මෙන්න මේ ටික මතක තියාගනින්.අද උඹ ඔය ඉන්න තත්වෙට ආවේ උඹ පළවෙනි වසරේ ඉදන් ඉගන ගත්ත,වැඩිපුරම ආර්ට් කරලා ආපු ගුරුවරුට පින් සිද්ද වෙන්න කියන එක...එ මිනිස්සුන්ගේ මගපෙන්වීම්,කැපවීම්,දහඩිය මහන්සියෙන් කියන එක අමතක කරන්න එපා.අද කොන්ද පණ ඇතුව සමාජේ හිටන් ඉන්න උඹලට මගපෙන්නුවේ ඒ ගුරුවරු...උඹ ටීචින් කරන්න ඕනේ නෑ.හොඳ තතවයක් තියන රස්සාවක් කරපන්.ආර්ට් පහත් ඇතී උඹට.ඒකට කමක් නෑ..ඒත් දෙවිවරු වගේ ඉන්න ගුරුවරයාට තියන තත්වෙ පහතට දාන එකත් උඹේ ඔය තත්වෙට හරි මදි නේද...ඒක ගැනත් ටිකක් හිතපන්..

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...