Total Pageviews

Tuesday, June 5, 2018

භාෂාව සහ ජනමාධ්‍ය
කිසියම් ජන කොට්ඨාශයක අනන්‍යතාවයේ ප්‍රමුඛ සාධකය භාෂාව වේ.භාෂාව හුදු සන්නිවෙදන මෙවලමක් පමණක් නොව,සමාජයේ පුරවැසියන් අතර අන්තර් සබදතා හා බැදිම් පවත්වා ගැනීම සඳහා ඉවහල් වන සාධකයකි.මෙහිදී මුඛ්‍ය කාර්ය සන්නිවේදනයයි.සන්නිවෙදනය සඳහා භාෂාව භාවිතායේදි ජනමාධ්‍යවලට විශාල වගකීමක් පවතී.ඒ සදහා ප්‍රගුන කල යුතු ගුණාංග රැසක් පවතී.වර්තමාන සංස්කෘතිය තුළ පවතින භාෂා භාවිතයන් තුළ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පරිහානියට ලක් වන ආකාරය දැක ගත හැක.සම්මතයන්ට සහ නීති රීති වලට අනුකූලව භෂාවේ අභිවෘද්ධිය සහ ප්‍රගතිය උදෙසා නිසි පරිදි භාෂාව භාවිත කිරීමේ වගකීම බහුජන මාධ්‍යවලට පැවරී ඇත.එ අතරින් විද්යුත් මාධ්‍ය ඉහත කී වගකීමට පරිභාහිරව කටයුතු කරන බව කිව යුතුය.රූපවාහිනියේ හා ගුවන් විදුලි ක්ෂේත්‍ර වලට පෙමිණෙන බොහෝ දෙනගේ අපේක්ශාව වන්නෙ නිවේදක,නිවේදිකාවක වී තම ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීම සහ ප්‍රතිරූපය ගොඩනගා ගෙනීමට උත්සහ දැරීමටය.වැඩි වශයෙන් එෆ්.එම් නාලිකා තුළ සිදුවන්නේ මෙයයි.ඇතැම් රූපවාහිනී නාලිකා තුළද සිදු වන්නේ එයමය..තම මාධ්‍ය ආයතනයේ සහ බහුජන වෙළද සමාගම්හි දියුණුව උදෙසා මාධ්‍ය භාවිත කිරීම සෝචනීය තත්වයකි..එසේ හෙයින් නිසි පරිදි භාෂාව භාවිත කරමින් සමජයට ඉවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට මාධ්‍යය ආයතන කැප විය යුතුය....  

6 comments:

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...