මිනිසා..
විටෙක,මවකි පියෙකි දාරක සෙනේ උතුරනා
සොයුරියකි සෙවනෙල්ල මෙන් ළඟ රැදෙනා
යෙහෙළියකි ගහට පොත්ත මෙන් බැඳෙනා
නෑයෙකි නිරතුරු සෙප ඩුක විමසන්නා
ඇදිරින්දෙකි දිනන්නට දිවිය මංපෙත් සාදාගන්නා
ඔහුම විටෙක,
ඇති තැන ගුණ වයනා
නැති තැන දොස් නගනා
වාසියට අත් එසවෙනා
තම යහපතම නිති පතනා
කවුරුන්ද මේ මිනිසා..?
කිසිදා හැදිනිය නොහැකි
දෙපා හිමි සත්වයෙකී
මිනිසා...
👍👍
ReplyDeleteGODAK LASSANAI
ReplyDelete👍👍👍
ReplyDelete