Total Pageviews

Saturday, August 25, 2018

පත්තරේට ලිපියක්

ඇමෙරිකාව දන ගැස්ස වූ අසහාය නායකයා

         තම අභිමතයට අනුකූල නොවන්නන්ට රතු නිවේදන නිකුත් කරන්නට ඇමෙරිකව පෙරමුනට එන්නේ අද ඊයෙක නොවේ.. ඇමෙරිකවට අවනත නොවන පාලකයන් රට පාලනය කිරීම තරම් වෙදනවක් ඇමෙරිකවට නොමැති තරම්ය..ඇමෙරිකව වඩාත් අකමැති ලෝක නායකයා වූයේ හියුගෝ චාවේස් බව නිසැකය..
         ඔහුගේ නම ඇසූ පමනින් ඔහු පිළිබඳව නොදන්න කෙනෙකු නොමැති තරම්ය.වෙනිසියුලාවෙ හැරවුම් ලක්ෂය ඔහුය..1959 සිට සම්භාධක පනවමින් කියුභාවේ කැස්ට්‍රො බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව කටයුතු කරද්දී චාවෙස්, කැස්ට්‍රො සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔහු සමග සිටගත්තේ ඇමෙරිකාව අසරණ කරමින්ය.ලොව බිහි වූ විශිෂ්ඨ නයකයෙක් ලෙස ඔහු ගෞරවාදරයට පාත්‍ර වන්නෙ දහස් සංඛ්‍යාත ජනතාවගේ හද තුල නොමැකෙන මතකයක් තැබීමට චාවෙස්ට හැකි වූ නිසවෙනි.
             ඇමෙරිකන් අහැට කටුවලින් අනින්නාක් බදු චාවෙස්ගේ පාලනය බිඳ දැමීමට ඇමෙරිකව ගත් සියලු පියවර අසාර්ථක වූයෙ චාවෙස් තව තවත් සියල්ලන් අතර ජනප්‍රිය වීමත් සමගය..එකල තෙල් මිල ඉහල යාමත් සමග එම වාසියද තම රට තුල දුප්පත්ජ් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට යොදා ගත්තේ විශිෂ්ඨ නායකයෙකුගේ ලක්ෂණ මුලු ලොවටම විද්‍යමාන කරමින්යා..
  
   වෙනිසියුලාව විශාල ආර්ථික ශක්තියක් සහිත රටකි.සිය තෙල් සවියෙන් මුකු ලොවම ආක්‍රමනය කල රටකි.ඇතැම් අවස්ථාවලදී වෙනත් රටවලට සහනදායූ ලෙස තෙල් ලබා දීමට පියවර ගෙන ඇත.ලෝක දේශපාලනබල තුලනයේ ප්‍රබල රැගුම්කරුවෙකු  වෙමින් ලොවට අභියෝග කල මෙන්ම ජනතා හදවත් පතුලටම කිමිද එය අතිශය සියුම්ස ර්ශ කල අසහාය නායකයෙකු ලෙස සැමදා ඔහු අනුස්මරනය කරනු ඇත..  










No comments:

Post a Comment

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...